විමල් වීරවංසට රට බේරාගැනීමට ආරාධනා
එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බෑන්කී මූන් මහතා ඉදිරිපත් කර ඇති වාර්තාවට විරෝධය පානු වස් මෙවරත් උපාවාසයක් කිරීමට විමල් වීරවංසට සියලුම දේශප්‍රේමීන්ගේ නාමයෙන් ආරාධනා කරමු. ඒ සඳහා විවෘත ලිපියක් විමල් වීරවංස මැතිතුමාට මෙලෙස ඉදිරිපත් කෙරේ.
හිතවත් විමල් වීරවංස මැතිතුමනි
ඔබගේ පළමු උපාවාසය නිසා බිය වූ එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බෑන්කී මූන් , පත්කරන ලද කමිටුව හා වාර්තාව යටපත් කර ගත්තද යලිත් වරක් එය මතුව ඇත.
මෙම අවස්ථාවේදී ඔබ වැනි දේශප්‍රේමියෙකු ගේ අවශතාව ඉතා තදින් දැනේ. ඔබගේ ශ්‍රේෂ්ට, ඇඟ කිලිපොලා ගිය පළමු උපාවාසය ගැන දේශ ද්‍රෝහියන් කී අමන කතා ( ඔවුන් මෙවැනි පාහර කතා ඔබ ගැන කියන ලදී. ඔබ කලේ බොරු රඟපෑමක්ලු . මාරාන්තික උපාවාසය යන වෙලේ ඔබ හොරෙන් ලෙමන් පෆ් අනුභව කළේලු, ඔබ බෙරවා කුලයට අයත් නිසා ආධිපත්‍යවාදී ගොවිගම කුලවාදින්ගෙන් අනන්‍යතාව ලබාගනු පිණිස මෙසේ දේශප්‍රේමි පාට් දානවලු).
අප නම් මෙවැනි දේශ ද්‍රෝහි කතා මොහොතකටවත් විශ්වාස නොකරමු. තවද එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බෑන්කී මූන් මහතා මුලින්ම හමුවූ වෙලේ ඔබ ඉතා බයාදු මුහුණින් අත් දෙකෙන්ම බෑන්කී මූන්ගේ අත අල්ලාගෙන හිටි අයුරු සහ එය දෙස කින්ඩියට රෝහිත බෝගොල්ලාගම බලා සිටි අන්දමේ ඡායාරුපයක්ද පුවත් පත් වල පළවී තිබුණි.
එය ඩිජිටල් තාක්ෂණය යොදා ඔබගේ කේසර මුහුණ සිගාලයෙකු ගේ මුහුණක් බවට කරන ලද්දක් බව අපගේ විශ්වාසයි. එම නිසා මෙවැනි පාහර කතා කියන අමනයන්ගේ කටවල් වසනු පිණිස මෙවර ඇත්ත උපාවාසයක් එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ කොළඹ කාර්යාලය ඉදිරි පිට කරන ලෙසට ඔබට සකල දේශප්‍රේමින්ගේ නාමයෙන් ආරාධනා කරමු. මේ සැරේ උපාවාසය බාගෙට නොව තිලීපන් මෙන් අවසන් හුස්ම පොද යනතෙක් කරන්නේ නම් මැනවි.
මෙයට
සුපුන් පෙරේරා
___________________________________________________________
කතෘ සටහන: මෙහි දැක්වෙන සටහන, සකිසිරි ලංකා කතෘ මණ්ඩලය විසින් සම්පාදනය නොකළ එකක් බව කාරුණිකව දන්වා සිටිමු
Posted on අප්‍රේල් 22, 2011, in මහින්ද රාජපක්ෂ, විමල් වීරවංශ. Bookmark the permalink. එක් ප්‍රතිචාරයක්.
maath enawa meh paara nan… wata api ara wata ramuwa wahenna moon ge muna thiyena poster gahanna ona.. eeta passe UN eke gettuwata choo karanna ona