Category Archives: Uncategorized

කටේ නරිවාදේ අහෝ මේ අපරාදේ, අලි හොරකම් බලා නොසිටින්න හිස සල සලා!

මවු ඇතින්න මරා දමා හෝ පළවා හැර මව් ඇකයේ කිරිඋරා බොමින් සිටි අලි පැටවුන් පැහැරගෙන යන ජාවාරමක්‌ පිළිබඳව මීට පෙර දිගින් දිගටම අපි කතා කර ඇත්තෙමු. ශ්‍රී ලංකාවේ දිවිගෙවන ප්‍රභූවරුයෑයි කියා ගන්නෝද ප්‍රභූවරුන් ලෙස පෙනී සිටින්නෝද පශු වෛද්‍ය විද්‍යාව ගැන සරසවිවල “ලෙක්‌චර්ස්‌” දෙන ඇතැම් පශු දොස්‌තර ඇදුරෝද මෙම ජාවාරමේ පුරුක්‌ බවට පත්වී අලි සොරකම යදමක්‌ බවට පත්කර ගෙන සිටින ආකාරයද අපි හෙළිදරව් කර ඇත්තෙමු.

හබරණ සෆාරිකරුවන්ගේ ජීප් රථවල නංවාගෙන මෙසේ හොරෙන් කොළඹට ගෙනා එක්‌ අලි පැටවකු වනජීවී වැටලීම් ඒකකය මගින් මහරගම අලි හිමිකරුවකුගේ නිවසේ සිටියදී අත්අඩංගුවට පත්වූයේ මේ අතරය. තවත් අලි පැටවකු බලංගොඩ “අලි සොරකුගේ” නිවසේ කාමරයක්‌ තුළ බැඳ දමා තිබියදී වනජීවී නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්විය. Read the rest of this entry


 

‘සකි සිරි ලංකා’ සයිබර් අවකාශයට එක්වෙයි…

මේ රට මහ පුදුම රටක්. විහිළුවට නෙමෙයි කියන්නෙ. ලෝකයේ අනිත් රට එක්ක සන්සන්දනාත්මකව බැලුවොත්, අපිට රටක් විදිහට, අනුන්ට පිට නොපා, අනුන්ගෙ අරෙහෙ මෙහෙ නොකහ, සාමෙන් සමාදානෙන්, ආගමක් දහමක් කරගෙන නිදහසේ ඉන්න පුළුවන් ආශ්චර්යමත් පරිසරයක් තියෙන්නෙ.

අපි ලියන්නෙ සරල සිංහලෙන්. හැමකෙනාටම වැටහෙන විදිහට. අපේ මතයත් එක්ක ඔබ එකඟ නොවන්න පුලුවන්. සමහරවිට්, ඔබේ මතයත් එක්ක අපිට එකඟ වීම්ට නොහැකි වන්නත් පුලුවන්. කමක් නැහැ. අපි ඔබේ මතයට ගරු කරමු.

අදින් ඇරඹෙන මේ බ්ලොග් පි‍ටුව හරහා අපි දන්නා දේ පමණක් කතා බහ කරමු. නොදන්නා දේත් සැක හැර දැනගමු.

අපි ලියන දේ ගැන ඉදිරියට ඔබට දැකගන්නට හැකි වේවි. එතකන් ඉවසීමෙන් කාලය ගතකරන්න.

ඔබේ අදහස්, යෝජනා, චෝදනා මේ සියල්ලක්ම පහත විද්‍යුත් තැපෑල ඔස්සේ යොමු කළ හැක.

info.walaliya@gmail.com