Blog Archives
කටේ නරිවාදේ අහෝ මේ අපරාදේ, අලි හොරකම් බලා නොසිටින්න හිස සල සලා!
මවු ඇතින්න මරා දමා හෝ පළවා හැර මව් ඇකයේ කිරිඋරා බොමින් සිටි අලි පැටවුන් පැහැරගෙන යන ජාවාරමක් පිළිබඳව මීට පෙර දිගින් දිගටම අපි කතා කර ඇත්තෙමු. ශ්‍රී ලංකාවේ දිවිගෙවන ප්‍රභූවරුයෑයි කියා ගන්නෝද ප්‍රභූවරුන් ලෙස පෙනී සිටින්නෝද පශු වෛද්‍ය විද්‍යාව ගැන සරසවිවල “ලෙක්‌චර්ස්” දෙන ඇතැම් පශු දොස්‌තර ඇදුරෝද මෙම ජාවාරමේ පුරුක් බවට පත්වී අලි සොරකම යදමක් බවට පත්කර ගෙන සිටින ආකාරයද අපි හෙළිදරව් කර ඇත්තෙමු.
හබරණ සෆාරිකරුවන්ගේ ජීප් රථවල නංවාගෙන මෙසේ හොරෙන් කොළඹට ගෙනා එක් අලි පැටවකු වනජීවී වැටලීම් ඒකකය මගින් මහරගම අලි හිමිකරුවකුගේ නිවසේ සිටියදී අත්අඩංගුවට පත්වූයේ මේ අතරය. තවත් අලි පැටවකු බලංගොඩ “අලි සොරකුගේ” නිවසේ කාමරයක් තුළ බැඳ දමා තිබියදී වනජීවී නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්විය. Read the rest of this entry